Wednesday 10 June 2020

மாத்தறை மாவட்டம் - தமிழ் விக்கிப்பீடியா

மாத்தறை மாவட்டம்

கட்டற்ற கலைக்களஞ்சியமான விக்கிப்பீடியாவில் இருந்து.
Jump to navigation Jump to search
மாத்தறை மாவட்டம்
மாத்தறை தேர்தல் மாவட்டம்
மாத்தறை மாவட்டத்தின் அமைவிடம்
தகவல்கள்
மாகாணம் தென் மாகாணம்
தலைநகரம் மாத்தறை
மக்கள்தொகை(2001) 761236
பரப்பளவு (நீர் %) 1283 (1%)
மக்களடர்த்தி 599 /சதுர.கி.மீ.
அரசியல் பிரிவுகள்
மாநகரசபைகள் 1
நகரசபைகள் 1
பிரதேச சபைகள் 12
பாராளுமன்ற தொகுதிகள் 7
நிர்வாக பிரிவுகள்
பிரதேச செயலாளர்
பிரிவுகள்
16
வார்டுகள் 21
கிராம சேவையாளர் பிரிவுகள்

மாத்தறை மாவட்டம் இலங்கையின் 25 மாவட்டங்களில் ஒன்றாகும். இது தெற்கு மாகாணத்தில் அமைந்துள்ளது. மாத்தறை நகரம் இதன் தலைநகரமாகும். மாத்தறை மாவட்டம் 7 பாராளுமன்ற தொகுதிகளைக் கொண்டுள்ளது. இது 650 கிராமசேவகர் பிரிவுகளையும் 16 பிரதேச செயளர் பிரிவுகளையும் கொண்டுள்ளது. வெலிகம, அக்குரஸ்ஸ போன்ற பிரதான நகரங்களும் இம்மாவட்டத்திலேயே அமைந்துள்ளன.


இலங்கையின் உள்ளூராட்சிப் பிரிவுகள் {{{படிம தலைப்பு}}}
மாகாணங்கள் மேல் மாகாணம் | மத்திய மாகாணம் | தென் மாகாணம் | வட மாகாணம் | கிழக்கு மாகாணம் | வடமேல் மாகாணம் | வடமத்திய மாகாணம் | ஊவா மாகாணம் | சபரகமுவா மாகாணம்
மாவட்டங்கள் கொழும்பு | கம்பகா | களுத்துறை | கண்டி | மாத்தளை | நுவரெலியா | காலி | மாத்தறை | அம்பாந்தோட்டை | யாழ்ப்பாணம் | மன்னார் | வவுனியா | முல்லைத்தீவு | கிளிநொச்சி | மட்டக்களப்பு | அம்பாறை | திருகோணமலை | குருநாகல் | புத்தளம் | அனுராதபுரம் | பொலன்னறுவை | பதுளை | மொனராகலை | இரத்தினபுரி | கேகாலை
"https://ta.wikipedia.org/w/index.php?title=மாத்தறை_மாவட்டம்&oldid=2223790" இருந்து மீள்விக்கப்பட்டது

வழிசெலுத்தல் பட்டி

சொந்தப் பயன்பாட்டுக் கருவிகள்

பெயர்வெளிகள்

மாற்றுக்கள் மாற்றுருவங்கள்

பிற திட்டங்களில்

මාතර දිස්ත්‍රික්කය - විකිපීඩියා

මාතර දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මාතර
නගරය
මාතර දුම්රිය ස්ථානය
මාතර දුම්රිය ස්ථානය
රාජ්‍යයශ්‍රී ලංකාව
පලාතදකුණු පලාත
රජය
 • පුරපතිසොසින්ද්‍ර හඳුන්ගේ
සරිය
 • මුළු1,283 කිමී2 (495 සතරැස් සැත)
 • භූමිය1,270 කිමී2 (490 සතරැස් සැත)
 • ජලය13 කිමී2 (5 සතරැස් සැත)
උස2 මී (7 අඩි)
ජනගහණය(2001)
 • මුළු76,254
 • ඝණත්වයBad rounding here59/කිමී2 (Bad rounding here150/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
තැපැල් අංකය81000
දුරකථන කේතය(න්)041

මාතර ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ දිස්ත්‍රික්කයකි. පූරාණ කාලයේ මාතොට නමින් හැඳින්වී ය. තවත් මතයකින් කියන්නේ මාතර අතීතයේ දී 'මහතෙර' නමින් ද හැඳින්වූ බවයි. මෙය එය 2004 දෙසැම්බර් මස ආසියානු කළාපයේ ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් දරුණු ලෙස හානියට පත් වූ දිස්ත්‍රික්කයකි. මාතර මෙහි ප්‍රධාන නගරයයි. මාතර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 809344 ( වර්ෂ 2011 ) වන අතර පිළිවෙලින් සිංහල 763121 ( 94.3% ) මුස්ලිම් 25300 ( 3.1% ) ඉන්දියානු දෙමළ 11984 ( 1.5% ) ශ්‍රී ලංකා දෙමළ 8562 ( 1.1% ) වේ.

නමේ ඉතිහාසය[සංස්කරණය]

නිල්වලා ගඟ මාතර දිස්ත්‍රික්කයෙන් මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවකි. මෙහි නම මුලින් ම භාවිතයට පැමිණියේ 'තොලගා මාතර ආචිචි' යන නමිනි. මොහු ශ්‍රී ලංකාවේ පියා ලෙසට හැදින්වූ බව සදහන් වෙයි. 'මාතර' යනුවෙන් හැදින්වීමට එක් හේතූවක් නම නිල්වලා ගඟ අසල ඇතිවූ විශාල භූමි භාගය නිසා ය. මෙය 'දැවැන්ත තොට' යන නමින්ද ප්‍රසිඬ නිසා 'සහන් තොට' යැයි කියනු ලැබෙ. ශ්‍රී ලංකාවේ ඇති දැවැන්ත තොටවල් වලින් කවියන්ගේ අවධානය විශාල වශයෙන් මාතර දිස්ත්‍රික්කයට ඇදී ගොස් ඇත. ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පරවි සංදේශයේ, "විරබමි පතමි" නමි පාලකයෙක් මාතර අගනුවර කර එය නැවත 'මාපටුන' යන නමින් හැදින්වූ බවට සඳහන් වෙි. පෘතූගීසි පූජක කූවරීස් තූමාගේ 'මනර' යන නම පිළිබඳ නිගමනය නමි එය නිල්වලා ගඟ හා සමීප බව නිසා පෘතූගීසීන් මාතරට 'මතූරෙයි' යන හෙවත් දැවැන්ත බල කොටුව යන නම තැබූහ.

මෙම නම භාවිතයට පැමිණ ඇත්තේ ක්‍රි. ව. 1672 දීය. මෙම වචනය උච්චාරණය වරදවා 'මතූරෙයි' යන නම 'මදරායි' යන නමින් සැලැකූ බව ද ඉතිහාසයේ සඳහන් ය. ඇතැම් මූලාශ්‍රයන්ට අනුව පෘතූගීසීන් මෙය' මචුරායි' යන නමින් හැඳින්වූ බව සඳහන්වේ 'තූරායි' යනු 'බලකොටුව' යන වචනයේ අරුත දෙන්නකි. බස්නාහිර ජනපද වාසීන් මාතර ප්‍රදේශය යටත් කර ගැනීමට මුස්ලිමි වැසියන් දහස් ගණනක් ඝාතනය කළ බව සඳහන් ය.[තහවුරු කරන්න] එම නිසා මෙම මුස්ලිමි වැසියන් කිරින්ද, මී ඇල්ල ,අකූරැස්ස වැනි ප්‍රදේශ වලට පැන ගත්හ.[තහවුරු කරන්න] මෙම වකවානුවේදී ඔවුහු මෙම ප්‍රදේශය 'මතරායි' යන නමින් හැඳින්වූහ. දැනට භාවිතා වන මාතර යන නම පරිහරණය කර ඇත්තේ ශත වර්ෂ දෙකකට පමණ පෙර සිටය.

මාතර පරිපාලනය[සංස්කරණය]

  • පෘතූගීසි පරිපාලනය
  • ලන්දේසි පරිපාලනය
  • ඉංග්‍රීසි පරිපාලනය

ලන්දේසීන් පාතරට / මූදුබඩ ප්‍රදේශය යටත් කර ගත් පසු එය පරිපාලන කොටස් 04 ට බෙදුවෝය. ඒවා සබරගමුව, සත්කෝරළය, සතර කෝරළය, හා මාතර යනුවෙන් නම් කළෝය. මේවායින් මාතර දිස්ත්‍රික්කය විශාල පෙදෙසක පැතිරී තිබිණි. එය දකූණු පළාතේ කළු ගඟ දක්වා පැතිරී ගියේ ය. ධර්මපාල රජු විසින් ලන්දේසි පූජක ෆ්‍රැන්ඩි ඩී ක්වෙරෝස් හට ලබාදුන් වාර්තාවේ සඳහන්වූයේ එය කෝට්ටේ සිට වලවේ ගඟ දෙසට පැතිරී යන බවයි. පසුව පාතරට දකූණු පළාත පරිපාලන කටයුතු සඳහා කොටස් 09 ට වෙන් කරන ලදී. මෙම ප්‍රදේශ 09 'මාතර මහා දිසාව' ලෙස නම් කරන ලදී. ලන්දේසි පාලන කාලය තූල මාතර ප්‍රධාන දිස්ත්‍රික්කයක් ලෙස පැවති බව මෙම කරුණු වලින් පැහැදිලි වේ. වර්තමානයේ මාතර මහ නගර සභාවේ පුරපති වරයා සොසින්ද්‍ර හඳුන්නෙත්ති යැයි මෙහි දැක්වෙන නම සොසින්ද්‍ර හඳුන්ගේ ලෙස වෙනස් විය යුත්තේ ය.

ජනකවිය හා කවීන්, මාතර ඉතිහාසය හා නොයෙක් ආකාරයෙන් බැඳී පවතී. සරම් මුදලි තුමා, කාලිදාස, ගජමන් නෝනා, රංචාගොඩ ළමයා මින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම මාතර හා නිල්වලා ගඟ පිළිබඳ ජන කවියක් වන්නේ,

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා... තල්ල සුදුයි බෙල්ලේ ගෝඹර කැටියා... යන එන ඔරු පාරු නවතාගෙන සිටියා... මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා...

මෙම කවියේ අර්ථය පිළිබඳ නොයෙකුත් මති මතාන්තර තිබේ. මෙය නිල්වලාවේ සිටින කිඹුලන් පිළිබඳ එකක් ලෙස ඇතැමුන් පවසන අතර, බොහෝ අය කියන්නේ මෙය ව්‍යංගාර්ථයක් සහිත කවියක් බවයි. එනම්, මාතර තොටුපළේ මගීන් එහා මෙහා ගෙන යාමට තිබූ ඔරු-පාරු වල හිමියා, ගඟෙන් එගොඩ වන මගීන් ගෙන අසාධාරණ ලෙස මුදල් අයකළ අතර, ඔහුගේ පුතා එසේ කරන්නෙකු නොවීය. ඔහු මගීන්ට ඉතා කාරුණික, සාධාරණ පුද්ගලයෙක් වූ බැව් පැවසේ. මෙම කවිය එම පාරු හිමියා සහ පුතා අල්ලා ගොතන ලද කවියක්ය යන්න වඩා ප්‍රචලිත මතයයි. කෙසේ වෙතත් රුනුණේ මාතර යනු කවිය පෝෂණය කළ ප්‍රදේශයකි.

ජනතාව[සංස්කරණය]

මාතර ප්‍රදේශයේ ධෛර්යය සමිපන්න මිනිස්සුන්ගෙන් පරිපූරණ වූවක් යයි ජනවහරේ පවතී. තවද මාතර වාසීන් බලි තොවිල් හදි හූනියම් වලට ඉතා දක්ෂ යයි විශ්වාසයක් ජනවහරේ පවතී. ලංකාවේ වෙනත් පළාත් වල ජීවත් වන බොහෝ අයගේ උපන්බිම මාතර ය. ලංකාවේ ජනප්‍රිය ව්‍යපාරිකයන් විශාල ප්‍රමාණයක ගේ උපන්බිම මාතර ය. පහත දැක්වෙන්නේ එයින් කිහිපදෙනෙකි.

  • නවලෝක සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • ජිනසේන සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • උපාලි සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • මැලිබන් බිස්කටි සමාගමේ නිර්මාතෘ
  • දාස සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • හවුස් ඔෆ් ෆැෂන් නිර්මාතෘ
  • හරිස්චන්ද්‍ර මිල්ස් නිර්මාතෘ


එසේ ම බොහෝ ගත්කතුවරුන්ගේ නිජබිම ද මෙය යි.

  • අත්තුඩාවේ සිරි රාහුල හිමි
  • මුණිදාස කුමාරතුංග
  • දෙනගම සිරිවර්ධන
  • අකිත් ඉදුවර

මැතිවරණ කොට්ඨාශ[සංස්කරණය]

  • මාතර
  • වැලිගම
  • දෙවිනුවර
  • හක්මන
  • අකූරැස්ස
  • දෙනියාය
  • කඹුරුපිටිය

විශ්වවිද්‍යාල[සංස්කරණය]

  • රුහුණු විශ්ව විද්‍යාලය
  • විවෘත විශ්වවිද්‍යාලය

උසස් අධ්‍යපන ආයතන[සංස්කරණය]

වෘත්තීය අධ්‍යාපන ආයතන[සංස්කරණය]

පාසල්[සංස්කරණය]

  • මාර/කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලය
  • රාහුල විද්‍යාලය
  • මාතර දික්වැල්ල විජිත විද්‍යාලය
  • සුජාතා විද්‍යාලය
  • ශාන්ත තෝමස් විද්‍යාලය
  • සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය
  • ශාන්ත සර්වේසස් විද්‍යාලය
  • ශාන්ත මරියා කන්‍යාරාමය
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලය-මාතර
  • බෞද්ධ විද්‍යාලය-මාතර
  • සාරිපුත්‍ර විද්‍යාලය-මාතර
  • මහාමායා විද්‍යාලය-මාතර
  • මාතර මධ්‍ය මහා විද්‍යාලය
  • ජනාධිපති විද්‍යාලය-මාතර
  • නාරන්දෙණිය ජාතික පාසල
  • ගුණරතන විද්‍යාලය - පාලටුව
  • මාර/පරදුව කනිෂ්ඨ විද්‍යාලය
  • තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය
  • ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය(ජාතික පාසල)- අකුරැස්ස.
  • තිහගොඩ මධ්‍ය මහා විද්‍යාලය
  • මාර/කෝන්ගල මධ්‍ය මහා විද්‍යාලය-හක්මණ
    • මාර/යටියන මහ විදුහල
    • මාර/තලල්ල උතුර මහා විද්‍යාලය-කැකණදුර
    • මාර / අපරැක්ක ම විදුහල - අපරැක්ක

මාර/රදාවෙල කනිෂ්ඨ විද්‍යාලය

"https://si.wikipedia.org/w/index.php?title=මාතර_දිස්ත්‍රික්කය&oldid=452869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව

පුද්ගලික මෙවලම්

නාමඅවකාශයන්

ප්‍රභේද